Saturday, September 25, 2010

යථාර්තය ස්පර්ශ කරපු යටි වියන

ඔන්න කාලෙකට පස්සේ බ්ලොග් එකට ගොඩ වුනා.අපි ඉතින් වැඩ කන්දරාවක් එක්ක ජීවත් වෙන උදවියනේ...එහෙම කියද්දිම මගේ රූමාව මතක් වෙනවා. ඒ දිසා. පොර කියන්නෙ වෙලාවක් නැති එකයි උවමනාවක් නැති එකයි දෙකක් කියලා.එකත් ඇත්ත තමයි. 
මේ ඉතින් පොත් ප්‍රදර්ශනය තියෙන කාල වකවානුවනේ. මාත් පෝය දවසේ ගිය BMICH ඉසව්වට. හෝ ගාලා සෙනග. Tickets Issue කිරීමේ පිලිවෙල නම් අන්තිමයි. කොහොම හරි පොර කාලා ඇතුලට ගියා කියමුකො. මම මේ කියන්න යන්නෙ මම හදිසියේ දැකපු පොතක තිබුන නිසැදසක් ගැන. ඒක මට කොච්චර වැදුනද කිව්වොත් මම පොත අරන් අවා.අනිත් කවි ටිකත් නියමයි.මේ 2008 ගොඩගේ සම්මානය දිනු කාව්‍ය සංග්‍රහය.මම උපුටා ගන්නේ එකේ තියෙන "ධර්ම චක්‍රය" කියන පැදි පෙළ. 

පච්චා කොටන තැන
මකර රූ-කිනිසි-සරපයි
හෙළුවැලි ගෑණු අතරින්
උඹ තෝරාගත් පච්චය
ධර්ම චක්‍රය

සෝමෙ පුදුම මිනිහෙක් උඹ
හින නොවෙන - නොහඞන
බලන්නන් බැල්මෙන් බය කරන
මන්ත්‍රී ළගවත් නොනැමෙන

තර තළෙලු මූණ - -රතු ඇස්
කළු උඩු රැවුල - කහ දත්
කුණු හරැප ගෝරනාඩුව සමග
තිබුණාට පපුව මත ධර්ම චක්‍රය
තිබුණාද ධර්මයක් පපුව යට ?

බූරු පෙතකුදු නාරින
මඩම් අස්සෙද රිංගන
ඉදහිට හිරෙත් යන
උඹටත් හැබෑටම තිබුණද?
මොකක් හරි ධර්මයක් අදහන

හෝටල් ළග - සැලුන් වල
සති පොලේ - වින්කලේ - විට කඩේ
ගැවසෙන - පච කෙළින
මස් කන - අරක්කු බොන - ගංජා උරන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
ඒරියා එකේ බජාර් එකේ
කාට උනත් අත තිබ්බොත්
අගල් හයක් බස්සනවා කියන

සෝමසිරි උඹ
එහෙම බස්සූ බවක් නම්
අසා නැත අප
එනමුදු අසා ඇත
වීදියේ බලු පැටව් වඩා ගෙන
දෙගොඩ හරි ජාමෙත් උඹ
මස් කොත්තු කවන වග

කප්පම් ජෙරාගෙ සව්වන්ට
අහුවුණු තැන තලන
සෝමෙ පුදුම මිනිහෙක් උඹ
මුඩුක්කුවේ පොඩි උන්ට
පොත් පත් තෑගි ගෙනියන්න
ජැටියේ අල ගෝනි උස්සන

දාඩියෙන් පෙගී - මවිල් අස්සෙන්
දිලිසෙනවා සෝමසිරි
ධර්ම චක්‍රය
උඹේ පපුව මත.

උපුටා ගැනීම : ලක්ශාන්ත අතුකෝරල
යටි වියන කාව්‍ය සංග්‍රහය
පිටු 40/41

Thursday, August 5, 2010

මොකක්ද මේ ගූගල් TV ..

හැමදාමත් අලුත් Concepts වලින් ලොව හොල්ලපු google පටන් ගන්න යන අලුත් සේවාවක් තමා. පොඩි News එකක් අවා.
මේ Clips ටික ඒ ගැන හැදින්වීමක් ...


  1. Google TV Keynote - Introducing Google TV
  2. Google TV - Get more Information
වැඩි විස්තර පසුවට ලියන්නම් .

Tuesday, August 3, 2010

අලුතෙන් ලොවට එන ලැප්ටොප් මොන වගේ වේවිද ?

මුනිදාස කුමාරතුංගයන් වරක ප්‍රකශ කරලා තියෙනවා "අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී " කියලා. ඉතින් එහෙව් නව නිපැයුම් ගැන පොඩි සංක්ෂිප්තයක් තමයි මේ ....

නව ලොව වැඩියෙන්ම සොයන අංග වෙන්නේ සුපිරි සිහින් (Super Slim), නම්‍යශීලී (Flexible) ,ස්පර්ශ සංවේදි (Touch ) සහ සුපිරි දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව (Storage Capacity) කිව්වොත් හරි. ඉතින් විවිධ සමාගම් මෙම ගුණාංග සහිත ලැප්ටොප් "Concepts" ඉදිරිපත් කරනවා. මේ එසේ අන්තර්ජාලයේ තිබුනු කිහිපයක්. එකේ සිට දහය වෙනකම් "User Votes" අනුව වර්ගිකරණය වී ඇති කිහිපයක් මේ ...

1.

2.
3.

4.


5.

6.


7.

8.

9.

10.




වැඩි විස්තර ඕනෙ නම් http://www.oobject.com/best-concept-laptops ගිහින් බලා ගන්න පුලුවන්.